Friday, December 23, 2011

IGI cheat mod

I.G.I කිව්වම නොදන්නා කෙනෙක් නෑනේ. අපි කවුරුත් ගහල තියෙන ටිකක් පරණ game එකක්. පරණ උනාට මට නම් ආයි ආයි ගහන්න හිතෙන game එකක්. ඒත් සමහර අය කියනවා IGI ගහන්න බෑ අමාරුයි කියලා. මම නම් ඉතින් ඒ කතා මුකුත් නෑ, ගින්දර වගේ දිගටම ගහගෙන ගහගෙන ගියා. :)



  මේ ලඟදි දවසක් මම ආයිත් IGI ගහන්න ගත්තා. මට හිතුනා හැම game එකකටම cheats තියෙනවා, ඇයි IGI වලට විතරක් නැත්තේ කියලා. මම ටිකක් හොයල බැලුව. එච්චර සාර්ථක password නම් හම්බ උනේ නෑ. ඒත් ඊට වඩා interesting ක්‍රමයක් හම්බුනා. Game එකේ තියෙන files ටිකක් වෙනස් කරලා David Jones ව අදෘශ්‍යමාන කරන්න. (ඒ කියන්නේ අනිත් අයට පෙන්නේ නැති කරන්න .:P )


Monday, December 12, 2011

File Convert නම් මෙන්න...

 ඔන්න මේ පාර පොස්ට් එකෙන් මම කියන්න යන්නේ මට පාවිච්චි කරලා බලන්න ලැබුණු සුපිරි ගනයේ software එකක් ගැනයි. මෙච්චර විශ්වසෙන් මම මේ ගැන කියන්නේ මම මේක පාවිච්චි කරලා මේකේ තියෙන features අත්දැකලා තියෙන නිසයි. හොදයි එහෙනම් කතාව නවත්තල මම කියන්නම්කො මේ software එක මොකක්ද කියලා.



Tuesday, December 6, 2011

Trial version අමරණීය කරගන්න කැමතිද?

සාමාන්‍යයෙන් අපි ඕන තරම් software වල trial version පාවිච්චි කරනවනේ. එත ඉතින් මේ trial version වලංගු වෙන්නේ ටික දවසකට විතරයි. දින 30ක්, නැත්නම් සති දෙකක් වගේ කාලයකට විතරනේ. ඊට පස්සේ කියනවා original version එක සල්ලි දීල ගන්න කියලා. එත් ඉතින් අපි ඒවා සල්ලි දීල ගතයුතුමද?

   ඒ වෙනුවට ගොඩක් අය කරන්නේ trial versiom එක crack කිරීමයි. නමුත් මේ වැඩේ පොඩි අවදානමක් තියෙනවා. මොකද crack එකක් කියන්නේ ඇත්තටම එච්චර හොද දෙයක් නෙමෙයි. Crack බාවිතයෙන් අපේ පරිගණකයට හානි සිද්ද වෙන්න ඉඩ තියෙනවා. Crack එකක් නැතුව trial එකක් දිගටම තියාගන්න විදියක් තමයි මම මේ කියන්න යන්නේ.


Friday, December 2, 2011

මොනවද මේ Cloud storage කියන්නේ?

ඔයාල අහල තියෙනවනේද cloud storage කියල දෙයක් ගැන? අහල නැද්ද? හරි. මම මේ කියන්න යන්නේ ඒ cloud storage ගැන තමයි. අන්තර්ජාලයේ තියෙනවා එක සේවාවක් අපි විසින් අප්ලෝඩ් කරන ෆයිල්ස් ගබඩා කරලා තියාගන්න. අන්න ඒකට තමයි cloud storage කියල කියන්නේ. මේ සේවාව ලබා දෙන්නේ වෙබ් හොස්ට් කරන ආයතන වලින්. සාමාන්‍යයෙන් වෙබ් හොස්ට් ආයතන වල ඉතා විශාල මතක ගබඩාවක් තියෙනවා. ඉතින් මේ ආයතන තමන්ගේ මතක ගබඩාව අවශ්‍ය කට්ටියට කෙටිකාලීනව හෝ දීර්ගකාලීනව ලබාදෙනවා. ඒ සඳහා එයාල යම්කිසි මුදලක් අයකරනවා. ඒත් සමහර වෙබ් අඩවි වලින් මේ සේවාව නොමිලේ ලබා දෙනවා. එහිදී එයාල කරන්නේ web host ආයතනය හා සේවාලාබීන් අතර අතරමැදියෙක්, එහෙම නැත්නම් තුන්වෙනි පාර්ශවයක් විදියට ඉදිරිපත් වීමයි. මේ ආකාරයට නොමිලේ ලබාගන්න ඉඩකඩ තියෙන්නේ සීමිත ධාරිතාවක් පමණයි. ඒක ඉතින් කියන්නත් දෙයක්ද නේද? අසීමිත ධාරිතාවක් ලබාදෙන්නේ මුදල් ගෙවා විශේෂයෙන් ඉල්ලන කට්ටියට විතරයි.


Thursday, December 1, 2011

ආයුබෝවන්!

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ blog එකේ පලවන පළමුවෙනි post එක දානවා. Blog එකක් හදන්න ගොඩක් කල් ඉඳන් හිත හිතා හිටියට අන්තිමේ දැන් තමයි ඔන්න අවස්ථාවක් ලැබුනේ. ඉස්සරහට හොඳ post ටිකක් දාන්න මම හිතාගෙන ඉන්නවා. මගේ blog එකේ ගොඩාක් දේවල් ගැන ලිපි පලවෙයි. පරිගණකය, අන්තර්ජාලය, මෘදුකාංග, චිත්‍රපටි, සින්දු, අනම්මනං දේවල් ගොඩක්. විශේෂයෙන්ම පරිගණක සම්බන්ද දේවල්. මොකද මම ඒවගේ දේවල් වැඩිපුරම ඉගෙනගත්තේ ඉංග්‍රීසියෙන්. අනික ඒ දේවල් හොයාගන්න මට ගොඩක් මහන්සි වෙන්න සිද්ද වුනා. මොකද එක තැනක තියෙන්නේ එක දෙයක් ගැන විතරයි. ඉතින් මට හිතුනා එහෙම හැමතැනම ඇවිදලා හොයාගත්ත දේවල් එකතැනකට එකතු කරන්න. අනික ගොඩක් යාලුවෝ ඉන්නවනේ ඉංග්‍රීසියෙන් කියවන්න වැඩිය කැමති නැති. ඒගොල්ලොන්ටත් වැඩේ ලේසි වෙන්න සහ මටත් ලේසි වෙන්න කියලා මම සිංහලෙන් තමා ඔක්කොම දේවල් ලියන්නේ. කොහොමත් අපි උපන්දා ඉදන් පාවිච්චි කරපු සිංහලෙන් වැඩ කරන්න පුළුවන්කම තියාගෙන මොකටද අපි සුද්දගේ බාසාවෙන් වැඩ කරන්නේ, නේද? ඉතින් එහෙමනම් මගේ වැඩේට ඔයාලගේ සහයෝගය දෙන්න කියල ඉල්ලන ගමන් මේ post එක ඉවර කරන්නම්. Comment එකක් දෙන්න පුලුවන්නම් ඒක ලොකු උදව්වක්. ස්තුතියි.