Friday, December 2, 2011

මොනවද මේ Cloud storage කියන්නේ?

ඔයාල අහල තියෙනවනේද cloud storage කියල දෙයක් ගැන? අහල නැද්ද? හරි. මම මේ කියන්න යන්නේ ඒ cloud storage ගැන තමයි. අන්තර්ජාලයේ තියෙනවා එක සේවාවක් අපි විසින් අප්ලෝඩ් කරන ෆයිල්ස් ගබඩා කරලා තියාගන්න. අන්න ඒකට තමයි cloud storage කියල කියන්නේ. මේ සේවාව ලබා දෙන්නේ වෙබ් හොස්ට් කරන ආයතන වලින්. සාමාන්‍යයෙන් වෙබ් හොස්ට් ආයතන වල ඉතා විශාල මතක ගබඩාවක් තියෙනවා. ඉතින් මේ ආයතන තමන්ගේ මතක ගබඩාව අවශ්‍ය කට්ටියට කෙටිකාලීනව හෝ දීර්ගකාලීනව ලබාදෙනවා. ඒ සඳහා එයාල යම්කිසි මුදලක් අයකරනවා. ඒත් සමහර වෙබ් අඩවි වලින් මේ සේවාව නොමිලේ ලබා දෙනවා. එහිදී එයාල කරන්නේ web host ආයතනය හා සේවාලාබීන් අතර අතරමැදියෙක්, එහෙම නැත්නම් තුන්වෙනි පාර්ශවයක් විදියට ඉදිරිපත් වීමයි. මේ ආකාරයට නොමිලේ ලබාගන්න ඉඩකඩ තියෙන්නේ සීමිත ධාරිතාවක් පමණයි. ඒක ඉතින් කියන්නත් දෙයක්ද නේද? අසීමිත ධාරිතාවක් ලබාදෙන්නේ මුදල් ගෙවා විශේෂයෙන් ඉල්ලන කට්ටියට විතරයි.




   ඉතින් මේ කියන cloud store වලින් අපිට තියෙන වැදගත්කම මොකක්ද? මේකයි, අපි සතුව තියෙනවා නම් ඉතා වැදගත් file එකක් අපි සාමාන්යෙන් කරන්නේ CD එකකට හෝ pen එකකට copy කරලා තියාගැනීමයි. එතකොට යම හේතුවක් නිසා අපේ පරිගණකය format වුනොත් හෝ file එක delete වුනොත් අපිට නැවතත් ඒ file එක නිර්මාණය කරන්නවත් හොයන්නවත් උවමනා වෙන්නේ නෑ. නමුත් හිතන්නකෝ ටිකක් අපිට හැමතිස්සෙම ඒ වැඩේ කරන්න අමාරුයි නේද? අනික CD එකකට දාල තියාගත්තට pen එකක දාල වැඩි දවසක් තියාගන්න බෑනේ. අපිට pen එකෙන් කරන්න කොච්චර වැඩ තියෙනවද. CD වලට කොපි කරන වැඩෙත් එච්චර හරියන්නේ නෑනේද? ටික දවසක් යනකොට ගෙදර නිකං CD කඩයක් වගේ වෙයි. අනිත් එක CD, pen කියන්නෙත් ලොකු ආරක්ෂාවක් නෙමෙයි. මට නම් එව්වට වඩා හොද හාර්ඩ් එකටම දාල තියන එකයි.හැබැයි අපි cloud store එකකින් උදව් ගන්නවා නම් ෆයිල්ස් වල ආරක්ෂාව ගැන හිතන්න දෙයක් නෑ.

   තව දෙයක් තියෙනවා. අපි හැමෝටම ලැප්ටොප් නැහැනේ. කොහේහරි යනකොට කොහොමද අපේ ෆයිල්ස් ඔක්කොම අරන් යන්නේ. එකත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ඒත් cloud store අපි වෙනුවෙන් ඒ වැඩේ කරනවා. අපි යන්නේ කොහෙද, එතනට අපේ ෆයිල් ඔක්කොම ගෙනත් දෙනවා මේ වලාකුළු ගබඩාව. ඒ නිසා කිසි ගින්නක් නෑ.

   නමුත් මේ ක්‍රමයේත් පොඩි අවදානමක් තියෙනවා. ඒ තමයි අපි තෝරාගන්න ආයතනය විශ්වාසවන්ත එකක් නෙමෙයි නම්? එහෙම වුනොත් ටිකක් බයයි, කවුරුහරි අපේ දත්ත ටික හොරකම් කලොත්? අන්න ඒ නිසා අපි දැනගන්න ඕනේ තෝරාගන්නා ආයතනයේ විශ්වාසවන්තබාවය ගැන. මම ඔයාලට දෙන්නම් විශ්වාසවන්ත බව අතින් හොද cloud store වෙබ් අඩවි කිහිපයක්. නිතරම මේ වගේ විශ්වාසය වැදගත් වන කටයුතුවලදී බලන්න web address එක ඇති තැන මෙන්න මේ වගේ ලකුණක්(කොලපාට/කහපාට ලොක් එකක්) වැටෙනවද කියලා. එහෙම තියෙනවා නම් ඒ සයිට් එක ආරක්ෂිතයි.

මෙන්න තියෙනවා මේ සේවාව නොමිලේ ලබාදෙන වෙබ් අඩවි කිහිපයක්.....
https://www.cx.com/ (ආරක්ෂිතයි)
http://www.mediafire.com/
https://www.dropbox.com/ (ආරක්ෂිතයි)
http://www.adrive.com/
  මේවගේ සයිට් වලට ලියාපදිංචි වීමට email address තිබිය යුතුයි. දැනට email address එකක් නැති අයට මේ ලින්ක් එකෙන් ගූග්ල් ගිණුමක් ලබාගන්න පුළුවන්.
  හොදයි එහෙමනම්. කට්ටිය මේ පොස්ට් එක කියවලා වැඩේ හොදයිද කියලා කියන්නකෝ පොඩි comment එකකින්. අඩුපාඩුවක්, අපැහැදිලි තැනක් හෝ තව එකතුවියයුතු දෙයක් තියෙනවා නම් ඒකත් කියන්න. මම ඊළඟ වතාවේදී මීටත් වඩා හොඳ පොස්ට් එකක් පල කරන්නම්. ස්තුතියි.

1 comment: