Tuesday, January 17, 2012

ඔබ කොයි වගේද?

හම්මේ... ඔන්න ගොඩ... කාලෙකින් අලුත් පොස්ට් එකක් දාන්න ඉඩක් ලැබුන. :) පහුගිය ටිකේ දිගට හරහට ෆිල්ම් බාපු නිසා වෙන මුකුත් කරන්න ඉඩ ලැබුනේ නෑ. ඔන්න කොහොම හරි අද මම කියන්න යන්නේ පොඩි ෆන් වැඩක් ගැන. මේක මේ වෙබ් සයිට් එකක්.

මේ වෙබ් සයිට් එකෙන් කරන්නේ අපේ ෆොටෝ එකක් අරගෙන ඒකට සමාන පෙනුමක් තියෙන ලෝක-ප්‍රසිද්ධ කට්ටිය (Celebrity) තෝරලා දෙන එකයි. ඒ කියන්නේ ඔයාගේ පෙනුම තියෙන කවුරුහරි නළුවෙක්/නිලියක් එහෙම නැත්නම් දේශපාලකයෙක්, විද්‍යාඥයෙක්... මේ වගේ කෙනෙක් ඉන්නවා නම් තෝරලා දෙන එකයි.



ඔන්න එහෙනම් සයිට් එකේ ලින්ක් එක. http://celebrity.myheritage.com

මේකේ තියෙන upload file කියන තැනට ඔයාගේ ෆොටෝ එකක් තෝරලා දෙන්න. ෆොටෝ එකක් තෝරා ගනිද්දී පැහැදිලි කෙලින් බලාගෙන ඉන්න ෆොටෝ එකක් තෝරා ගන්න එක කෝකටත් හොදයි. ඊට පස්සේ යට තියෙන button එක press කරන්න. ටිකක් වෙලාව නම් යයි. හැබැයි වැඩේ එල. :)

    තව දෙයක්. එහෙම ෆොටෝ එකට ගැලපෙන කට්ටිය පේන කොට ගැහැණු, පිරිමි දෙගොල්ලම පෙනෙයි. ඒකට කරන්න තියෙන්නේ male/female තෝරලා දෙන එකයි. එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්. මේ පාර වැඩේ හොඳ නම් comment එකක් දාන්න අමතක කරන්න එපා. මට නම් ෆොටෝ 6 කින් 4 කටම ලැබුන ඇල්බට් අයින්ස්ටයින් ව. :) ඔයාලට ලැබුන කට්ටිය ගැනත් අපිට කියන්නකෝ.

No comments:

Post a Comment