Monday, December 12, 2011

File Convert නම් මෙන්න...

 ඔන්න මේ පාර පොස්ට් එකෙන් මම කියන්න යන්නේ මට පාවිච්චි කරලා බලන්න ලැබුණු සුපිරි ගනයේ software එකක් ගැනයි. මෙච්චර විශ්වසෙන් මම මේ ගැන කියන්නේ මම මේක පාවිච්චි කරලා මේකේ තියෙන features අත්දැකලා තියෙන නිසයි. හොදයි එහෙනම් කතාව නවත්තල මම කියන්නම්කො මේ software එක මොකක්ද කියලා.





  
 මේ software එකේ නම Format Factory. සරලවම කියනවනම් මේක file වල format convert කරලා දෙන කන්වර්ටරයක්. නමුත් සාමාන්‍යය කන්වර්ටරයක නැති තවත් tools කිහිපයක් මේකේ ඇතුලත් වෙලා තියෙනවා. Video joiner, audio joiner වගේ tools. මේ software එකෙන් ඕනෑම ෆෝමැට් එකක වීඩියෝ එකක් .wmv, .mp4, .avi, .3gp, .gif, .rmvb, .swf, .mkv, .vob, .mob, .mpg, .flv, කියන ෆෝමැට් වලින් ඕනෑම එකකට හරවා ගන්න පුළුවන්. Audio file එකක් නම් .mp3, .wma, .flac, .aac, .mmf, .amr, .m4a, .m4r, .ogg, .mp2, .wav, .wavpack කියන ඕනෑම ෆෝමැට් එකකට හරවා ගන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඒ ඕනෑම වීඩියෝ එකකින් හඬ විතරක් වෙන්කරගෙන එකත් ඔය කිව්ව ෆෝමැට් වලට හරවා ගන්න පුළුවන්. නියමයි නෙ? ඇත්තම කියනවා නම් ඔය කියපු සමහර ෆෝමැට් ගැන මම ඇහුවෙත් ඔය software එකෙන්ම තමයි. ඒත් ඒ ඔක්කොම නියමෙට වැඩ.

 
 ආ... තව පොඩ්ඩෙන් කියන්න බැරි වෙනවා. මේ software එකෙන් තව දේවල් කන්වර්ට් කරන්න පුළුවන්. ඕනෑම ෆෝමැට් එකක picture එකක් කන්වර්ට් කරන්න පුළුවන්. මේ ඕනෑම කියල කිව්වේ .jpg, .gif, .png, .ico, .bmp, .tif, .pcx, .tga කියන ෆෝමැට් වලටයි. ගොඩක් යාලුවොන්ට තියෙන ප්‍රශ්නයක්නේ .jpg හෝ .png එකක් icon එකක් විදියට පාවිච්චි කරන්න බැරි එක. ඔන්න අදින පස්සේ ඒ කරදරේ ඉවරයි. ඔයාලට කරන්න තියෙන්නේ උවමනා picture එක right click කරලා format factory එකෙන් ico වලට හරවා ගැනීම විතරයි. ඊට පස්සේ ඒක icon එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්.
 
 හප්පා.... තව කියන්න ගියොත් කියල ඉවරයක්‌ නැති වෙනවා. මොකද මේකෙන් කන්වර්ට් කරන්න පුළුවන් ජාති තවත් ගොඩක් තියෙනවා. Videoද, audioද කියල දන්නෙවත් නැති ෆයිලුත් කන්වර්ට් කරන්න පුළුවන් කිව්වම ඉතින් තව මොන කතාද?

 තව දෙයක්. ඇයි දන්නවද මම මේ software එකට මෙච්චර ආදරේ... මේක open source software එකක්. ඒ නිසා නොමිලේම ලබාගන්න පුළුවන්. Crack කරන්න, license key හොයන්න අවශ්‍යය නෑ.

  මෙන්න එහෙනම් මෙච්චර වෙලා අගය කරපු දේ.Download කරගන්න මෙතනින්.

  එහෙනම් ඔන්න මම යනවා. අමතක නොකර comment එකක් දෙන්න ඕනේ... ආයිත් දවසක අලුත් පොස්ට් එකකින් හම්බවෙමුකෝ. එතකන් ආයුබෝවන්!

2 comments: