Tuesday, December 6, 2011

Trial version අමරණීය කරගන්න කැමතිද?

සාමාන්‍යයෙන් අපි ඕන තරම් software වල trial version පාවිච්චි කරනවනේ. එත ඉතින් මේ trial version වලංගු වෙන්නේ ටික දවසකට විතරයි. දින 30ක්, නැත්නම් සති දෙකක් වගේ කාලයකට විතරනේ. ඊට පස්සේ කියනවා original version එක සල්ලි දීල ගන්න කියලා. එත් ඉතින් අපි ඒවා සල්ලි දීල ගතයුතුමද?

   ඒ වෙනුවට ගොඩක් අය කරන්නේ trial versiom එක crack කිරීමයි. නමුත් මේ වැඩේ පොඩි අවදානමක් තියෙනවා. මොකද crack එකක් කියන්නේ ඇත්තටම එච්චර හොද දෙයක් නෙමෙයි. Crack බාවිතයෙන් අපේ පරිගණකයට හානි සිද්ද වෙන්න ඉඩ තියෙනවා. Crack එකක් නැතුව trial එකක් දිගටම තියාගන්න විදියක් තමයි මම මේ කියන්න යන්නේ.




    මේ වැඩේදී සිද්ද වෙන්නේ trial එකට පමණක් කාලය ගතවීම වැලැක්වීමයි. එතකොට පරිගණකයේ වෙන කිසිම දෙයකට වෙනසක් සිදු වෙන්නේ නෑ. Trial එක හැමදාම එක වගේ වැඩ.
   මේක පුංචි software එකක්. Zip format එකෙන් තමයි තියෙන්නේ. Download කරගන්න මෙතන click කරන්න. ඒක බාගත්තට පස්සේ ඒකෙන් වැඩ කරන්න ඕන විදිහ මම පහලින් කියල තියෙනවා.

       මුලින්ම zip format එකෙන් තියෙන file එක extract කරගන්න ඕනේ. එතකොට ලැබෙන්නේ .exe setup එකක්. ඒක double click කලාම install වෙන්න පටන් ගන්නවා. Install වෙලා ඉවර උනාම සමහරවිට ඔයාගේ browser එකෙන් වෙබ් පිටුවකට යයි. ඒ පිටුවේ සඳහන් වෙලා තියෙන්නේ අපි දැන් ස්ථාපනය කරගත්ත මෘදුකාංගය භාවිතා කරන්නේ කොහොමද කියන එකයි. එහෙම උනේ නැත්නම් කලබල වෙන්න එපා. මේ කියන විදියට කරන්නකෝ.

     
      ස්ථාපනය කරගත්තට පස්සේ desktop එක මත short cut එකක් දකින්න ලැබේවි. ඒක විවෘත කලාම ලැබෙන්නේ ඉහත ආකාරයේ window එකක්. මුලින්ම ඒකෙ තියෙන browse කියන තැනින් අවශ්‍ය software trial එකේ ප්‍රධාන application එක තෝරා ගන්න. ඊට පස්සේ අපි දිනයක් තෝරලා දෙන්න ඕනේ. මේ සඳහා අද දිනයට පසුව සහ trial එක expire වෙන දිනයට පෙර දවසක් තමයි තොර ගන්න ඕනේ. එකියන්නේ හෙට, අනිද්දා වගේ දවසක්. දැන් හරි. දැන් කරන්න තියෙන්නේ desktop shortcut එකක් හදන එක. ඒකට ඔයා කැමති නමක් ඇතුළු කරන්න. පහලින් තියෙන Create desktop shortcut බොත්තම click කරන්න. ඔන්න දැන්නම් වැඩේ හරියටම හරි.
   
      දැන් ඔයාගේ trial version එක වයසට යන්නේ නෑ. ජොලි නේ? ඒත් තවත් දෙයක් කියන්න තියෙනවා. ඔයා කලින් trial version එක  install කරනකොට හැදිච්ච desktop shortcut එක delete කරලා දාන්න. නිකමටවත් එක පාවිච්චි කරන්න එපා. එහෙම උනොත් ඔක්කොම ඉවරයි. ඔයා මේ software එක මගින් අලුතින් හදපු shortcut එක විතරක් පාවිච්චි කරන්න.

       ඔන්න ඉතින් මම ඔයාලට කියලා දුන්නා trial එකක් අමරණීය කරන විදිය. ඔයාල ඒ වැඩේට කැමති නම් කැමතියි කියල comment එකක් දාන්න. අකමැති නම් ඒ ඇයි කියල comment එකක් දාන්න. තවත් අලුත් post එකකින් හමුවෙමු. එතකන් ආයුබෝවන්.

1 comment: