Friday, December 23, 2011

IGI cheat mod

I.G.I කිව්වම නොදන්නා කෙනෙක් නෑනේ. අපි කවුරුත් ගහල තියෙන ටිකක් පරණ game එකක්. පරණ උනාට මට නම් ආයි ආයි ගහන්න හිතෙන game එකක්. ඒත් සමහර අය කියනවා IGI ගහන්න බෑ අමාරුයි කියලා. මම නම් ඉතින් ඒ කතා මුකුත් නෑ, ගින්දර වගේ දිගටම ගහගෙන ගහගෙන ගියා. :)



  මේ ලඟදි දවසක් මම ආයිත් IGI ගහන්න ගත්තා. මට හිතුනා හැම game එකකටම cheats තියෙනවා, ඇයි IGI වලට විතරක් නැත්තේ කියලා. මම ටිකක් හොයල බැලුව. එච්චර සාර්ථක password නම් හම්බ උනේ නෑ. ඒත් ඊට වඩා interesting ක්‍රමයක් හම්බුනා. Game එකේ තියෙන files ටිකක් වෙනස් කරලා David Jones ව අදෘශ්‍යමාන කරන්න. (ඒ කියන්නේ අනිත් අයට පෙන්නේ නැති කරන්න .:P )




   මෙන්න මෙහෙමයි ඒක කරන්නේ. මුලින්ම ඔයා IGI game එක save කරලා තියෙන folder එකට යන්න. සාමාන්‍යයෙන් ඒක තියෙන්නේ C එකේ Program Files වල. එහෙම නැත්නම් desktop එකේ තියෙන IGI shortcut එක right click කරලා open file location එක select කරන්න. IGI folder එකේ තියෙයි common කියල folder එකක්. ඒක open කරාම ai කියල folder එකක් තියෙයි. දැන් ඒකත් open කරන්න.


   දැන් ඔයාලට පේනවා ඇති .qvm කියන file extension එක තියෙන file ටිකක්. ඒ ඔක්කොම එකපාර select කරලා copy කරගන්න. Copy කරලා වෙන තැනක save කරලා තියන්න. එහෙම කරන්නේ අපි අතින් යම් වැරදීමක් උනොත් backup එකක් විදියටයි.

   දැන් ඒ file අතරින් observer.qvm සහ settings.qvm කියන file දෙක හැර අනිත් ඒවා එකින එක delete කරන්න. ඒ එක්කම observer.qvm කියන file එක copy කරලා එතනම save කරන්න. ඒ save කරපු file එක rename කරන්න අපි delete කරපු file name එකෙන්. ඒ කියන්නේ අපි gunner.qvm file එක delete කරා නම් observer.qvm file එක එතනටම copy-paste කරලා ඒක gunner.qvm විදියට නම් කරනවා. Setting.qvm කියන file එකට හැර අනිත් ඔක්කොම files වලට මේ වැඩේ කරන්න.

   ඔන්න දැන් වැඩේ කරලා ඉවරයි. දැන් තියෙන්නේ ප්‍රතිපල බලන එක විතරයි. IGI.exe කියන එක double click කරලා වෙනද වගේම game එක ගහන්නයි තියෙන්නේ. හැබැයි වෙනදට වඩා පොඩි වෙනසක් තියෙනවා. වෙනදට දැක්කත් වෙඩි තියපු කට්ටිය දැන් අපි මොනවා කලත් දැක්කේ නෑ වගේ යනවා. එක තුවක්කුවක් වත් පාවිච්චි නොකර නිකම්ම game එක ඉවර කරන්න පුළුවන්. හැබැයි මේකෙන් යුද ටැංකි වලට, කැමරා වලට නොපෙනී ඉන්න බෑ. ඒ නිසා ඒවා ගැන කල්පනාවෙන් ගහන්න ඕනේ.

  තව මොකක් හරි වැඩ කෑල්ලක් හොයාගෙන ආයිත් එන්නම්. Post එක ගැන හිතෙන දේ කියල comment එකක් දාන්න. ආයුබෝවන්!

1 comment: